March 29, 2024

මෙරට ක්‍රීඩා කටයුතු ජුනි මස සිට ආරම්භ කිරීමට පියවර - ඩලස් කියයි

සෞඛ්‍ය නිර්දේශවලට ගරු කරමින්, මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඉදිරි කටයුතු එළඹෙන ජුනි මස 01දා සිට නැවත ආරම්භ කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි.

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් තාවකාලික පසුබෑමකට ලක් වූ මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රය යළිත් නඟා සිටුවීමේ ජාතික මෙහෙවරට ශක්තියක් වෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රදානය කළ, කොරෝනා ආසාදිතයන් හදුනා ගැනීමේ අති නවීන පී.සී.ආර් (PCR) යන්ත්‍රයක් හා ඊට අදාල පරීක්ෂණ කට්ටල ඇතුළු රු මිලියන 15ක් වටිනා සෞඛ්‍ය උපකරණ භාර ගැනීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

ක්‍රීඩාවේ සංවර්ධනය වෙනුවෙන් අවශ්‍ය ඉදිරි පියවර ගැනීමට ක්‍රිකට් පාලන ආයතනයක් සමඟ කොන්දේසි විරහිතව ක්‍රීඩා විෂය භාර අමාත්‍යවරයා වශයෙන් එකඟත්වය පළ කර සිටින බවත් ක්‍රීඩාවේ සංවර්ධනය වෙනුවෙන් මෙතෙක් ක්‍රියාවට නැංවීමට නොහැකි වූ යෝජනා, පාසල් පද්ධතිය තුළ ක්‍රීඩකයින් වේලාසනින් හඳුනා ගැනීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ හැකි යෝජනා, අතරමග නතර වූ සංවර්ධන වැඩසටහන්, වැඩි දියුණු කළ යුතු විවිධ ක්‍රීඩා ක්ෂේත්‍ර සම්බන්ධයෙන් අදහස් ලබා දීම ඉතා වැදගත් බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 26 May 2020 18:33