March 29, 2024

තවත් ආසාදිතයින් 10ක් හඳුනා ගනියි - සමස්ත ආසාදිතයින් ගණන 1199 දක්වා ඉහළට

මීට සුළු මොහොතකට පෙර කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 10 දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරට COVID 19 වෛරසය ආසාදිත පිරිස 1199 දක්වා ඉහළ ගොස් ඇත.

මේ අනුව ආසාදිතයින් 477 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

ඊයේ (25) දිනය තුළ නව මරණයක් වාර්තා වීමත් සමඟ මෙරටින් වාර්තා වන සමස්ත මරණ ගණන 10 දක්වා ඉහළ ගියේය.

එමෙන්ම අද (26) උදෑසන 10 වන විට කොරෝනා ආසාදිතයින් 17 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.

ඒ අනුව සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 712 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ දිනය තුළ නව මරණයක් වාර්තා වීමත් සමඟ මෙරටින් වාර්තා වන සමස්ත මරණ ගණන 10 දක්වා ඉහළ ගියේය.

Rate this item
(0 votes)