April 19, 2024

හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් ඖෂධය අත්හදා බැලීම නවත්වන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුම් දෙයි

කොරෝනා වෛරසය සඳහා හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් අත්හදා බැලීම නැවැත්වීමට ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කර තිබේ.

සෞඛ්‍ය ආරක්ෂිත හේතූන් මත මෙම තීරණය ගෙන ඇති බව සඳහන්ය.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෑතකදී කළ අධ්‍යනයකින් එම ඖෂධය COVID-19 රෝගයෙන් මිය යමේ අවදානම වැඩි කරන බව තහවුරු කළ බවයි.

නමුත් අමෙරිකාව මෙම ඖෂධය ඉදිරියටත් භාවිත කරන බව ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

මේ අතර කොරෝනා වෛරස පිළිබඳ පරීක්ෂණ සඳහා විනිවිදව සහ විවෘතව එක්වීම පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයට ප්‍රශංසා කර තිබේ.

අමෙරිකාව ඇතුළු ඇතැම් රටවල් චීනය දැඩිව විවේචනය කරන පසුබිමකදී කෙරෝනා වෛරසයේ ආරම්භය පිළිබඳ විනිවිද පරීක්ෂණ සඳහා සිය රට ජාත්‍යන්තරයට විවෘත කිරීම එහිදී අගය කර තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර ඇත්තේ, කෙරෝනා වෛරසයේ පරීක්ෂණ සම්බන්ධයෙන් චීනය දක්වන උනන්දුව සතුටට කරුණක් බවය.

කොරෝනා වෛරසයේ ආරම්භය හඳුනාගැනීම පිළිබඳ පරීක්ෂණ සඳහා ජාත්‍යන්තරයට සිය රට විවෘත කිරීමට තීරණය කරමින් චීන විදේශ ආමාත්‍යවරයා සඳහන් කළේ, එම පරීක්ෂණ දේශපාලන මැදිහත්වීමකින් තොරව සිදු කළ යුතු බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩොනොම්, වෛරසය සම්බන්ධයෙන් සාර්ථක වැඩපිළිවෙළක් අනුගමනය කළ බවත් විනයක් සහිත රටවල් සඳහා ඔවුන් සහය වුණු බවත් විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

 

Rate this item
(0 votes)