April 20, 2024

හෙරොයින් සමඟ හමු වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයා රක්ෂිත බන්ධනාගාරයට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු යවන්නෙකු වූ ශෙහාන් මධුසංක හෙරොයින් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 700ක් තම සන්තකයේ තබාගෙන සිටියදී පොලිස් අත්අඩංගුවට පත් තිබේ.

අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලීසිය කටයුතු කර තිබුණු අතර ලබන මස 02 වැනිදා දක්වා ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසද අධිකරණය නියෝග කර තිබුණි.

2018 වසරේ දී බංග්ලාදේශයට එරෙහිව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමෙන් එක්දින තරග වරම් දිනාගත් ශෙහාන් මධුසංක තමන්ගේ පළමු තරගයේ දීම කඩුළු ත්‍රිත්වයක් ලබා ගන්නට සමත් වු පන්දු යවන ක්‍රීඩකයෙකි. ඉන්පසුව පැවැති තරගවලදී ආබාධයන්ට ලක් වීම නිසා ඔහුව සංචිතයෙන් ඉවත් කොට තිබුණි.

Rate this item
(0 votes)