April 25, 2024

සයිබර් ප්‍රහාරය ගැන ශ්‍රී ලංකා ටෙලිකොම් කරුණු පැහැදිළි කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම දුරකථන හා සන්නිවේදන සැපයුම් ආයතනය වන ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට එල්ල වූ සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් එම ආයතන විසින් කරුණු පැහැදිළි කිරීමක් සිදුකොට තිබේ.

ශ්‍රී ලංකා ටෙලිකොම් හි අභ්‍යන්තර තොරතුරු තාක්ෂණ පද්ධතියට සයිබර් ප්‍රහරයක් එල්ල වී ඇති අතර මේ සම්බන්ධයෙන් සිය පාරිභෝගිකයන් දැනුවත් කිරීමටද ආයතනය කටයුතු කර තිබේ. සිය ආයතනයේ විසින් සපයන සේවාවන්ට අදාළව කිසිදු පද්ධතියකට ඉන් හානියක් සිදුව නොමැති බවත් පාරිභෝගික තොරතුරුවලටද අවදානමක් නොමැති බව එම ආයතනයේ කලමණාකාරීත්වය පවසා සිටියි.

මේ වන විට සයිබර් ප්‍රහාරය නිසා සිදුවූ අවහිරතාවයන් ටෙලිකොම් ආයතනයේ විශේෂඥ පරිගණක ශිල්පින් විසින් හඳුනා ගෙන ඇති බවත් ඉතා කෙටි කාලයක් තුළ එම අවහිරතාවයන් ඉවත් කොට අභ්‍යන්තර පද්ධතින් යථා තත්ත්වයට පත් කළ හැකිබවද ඔවුන් වැඩිදුරටත් අවධාරණය කරයි.

මතු වු අභ්‍යන්තර ගැටළුවෙන් සියලුම රාජ්‍ය හා ව්‍යාපාරික සේවා, ඇමතුම් සේවා, බ්‍රෝඩ්බෑන්ඩ් සේවා, Peo TV  සහ සත්කාරක සේවා ඇතුළු සමස්ත සේවා දාමයටම බලපෑමක් නොමැති බවත් පාරිභෝගික තොරතුරු සුරක්ෂිත බවත් ශ්‍රී ලංකා ටෙලිකොම් තහවුරු කර ඇත.

කෙසේවෙතත් මෙම සයිබර ප්‍රහාරයන්ගේ ස්වභාවය මත හැකි තරම් පූර්ව ආරක්ෂක උපක්‍රම යෙදවීමටද කටයුතු කරන බව ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සඳහන් කර සිටියි.

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින්,

Rate this item
(0 votes)