March 29, 2024

යුද්ධය කාලයේ අපි ඉස්සරහට ගියේ ආයෙත් එනවා කියන බලාපොරොත්තුවෙන් නෙමෙයි - යුද හමුදාපති (VIDEO)

යුද්ධය පැවැති අවසන් සමයේ දී තමන්ගේ සේනාංකයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන් 08ක් එල්ල වූ බව යුද්ධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා යුටියුබ් නාලිකාව සාකච්ඡාවකට එක්වෙමින් පවසා සිටියේය. ඔහුගේ එක් කනක් අදටත් නිසි ලෙසින් ඇසෙන්නේ නැති බවද ඔහු එහිදී ප්‍රකාශ කර සිටියේය.

යුද්ධ පැවැති සමයේ තමන් ඉදිරියට ගියේ නැවත පැමිණීමේ බලාපොරොත්තුවකින් තොරව බවද ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා එම සාකච්ඡාවේ දී සඳහන් කළේය. ඒ කාලය තුළ ජීවිත අහිමි වීම 50-60%ක් නොව 100%ක් ව පැවැති බවද ඔහු එහිදී සඳහන් කළේ.

ඔහු එහිදී යුද්ධ පැවැති සමයේ දී එය අවසන් කිරීමට කවුද මිය යා යුත්තේ යන්න පවා තීරණය කළ කාලයක් තිබුණු බවත් පැය 24ක් පුරාවටම කිසිදු විවේකයකින් තොරව සටන් වැදි ආකාරයත් ඔහු එහිදී සිහිපත් කර කළේය.

යුද්ධ අවසන් වී එල්.ටී.ටී.ඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් හමු වූ අවස්ථාවේ “මූ නේද රට කෑවේ” කියා තමන්ට සිතුණු බවද යුද්ධ හමුදාපතිවරයා එහිදී මතක් කර සිටියේය.

ඒ මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියේ නැවතත් කවරදාකවත් මේ රටේ එල්.ටී.ටී.ඊ සංවිධානයට හිස එසවීමට නොදෙන බවයි.

යුද්ධ හමුදාපතිවරයා සමඟ පැවැති සම්පුර්ණ සාකච්ඡාව පහතින්,

Rate this item
(2 votes)