April 25, 2024

කොරෝනා මර්දනයට කොතලාවල ආරක්ෂක සරසවියෙන් ‘කියුරෙක්‘ නමින් මෘදුකාංගයක් එළිදක්වයි

කොරෝනා ආසාදිතයා සහ ප්‍රතිකාර කරන වෛද්‍යවරයා අතර වීඩියෝ සන්නිවේදන තාක්ෂණයෙන් අදහස් හුවමාරු කිරීමේ අවස්ථාව ඇති කරමින් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට කොරෝනා වෛරස් ආසාදනය වැළඳීමේ අවදානම අඩු කෙරෙන නව පරිගණක මෘදුකාංගයක්, ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ පරිගණක පිඨයේ පර්යේෂකයින් කණ්ඩායමක් විසින් නිර්මාණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

"කියුරෙක් " යනුවෙන් නම් කර ඇති මෙම මෘදුකාංගය හරහා ආසාදිතයාගේ සෞඛ්‍ය තත්ත්වය අනුව ගිලන් රථයක් එම තැනැත්තාගේ නිවස වෙත යැවීමට හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුගේ නිරීක්ෂණය යටතේ ආසාදිතයාව නිරෝධායනයට ලක් කිරීමට අවශ්‍ය තීරණ ගැනීමේ පහසුකමද වෛද්‍යවරයාට සලසා දී තිබෙන බව අමාත්‍යංශය කියයි.

ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපකුලපති මේජර් ජෙනරාල් මිලින්ද පිරිස් මහතාගේ මඟපෙන්වීම යටතේ නිපදවා ඇති මෙම මෘදුකාංගය පිළිබඳව සෞඛ්‍ය, හා දේශීය වෛද්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ මහතා දැනුවත් කිරීමේ විශේෂ හමුවක් ඊයේ (24) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි. මෙහිදී පරිගණක විද්‍යා උපාධි අපේක්ෂක සිසුන් වන එන්. සමාරා ප්‍රේමරත්න සිසුවිය සහ එච්. කසුන් කල්හාර පෙරේරා සිසුවා විසින් සෞඛ්‍ය ඇමැතිනියට මෙම මෘදුකාංගය පිළිබදව මුලික හැදින්වීමක් සිදු කළහ.

Rate this item
(0 votes)
Last modified on Monday, 25 May 2020 12:03