April 18, 2024

ගම්පහෙන් එජාපයට එකක්වත් ගන්න බැහැ Featured

එක්සත් ජාතික පක්ෂ රනිල් වික්‍රමසිංහ මහතා 1977 දී ප්‍රථමවරට පාර්ලිමේන්තුව තේරී පත් වූ බියගම මැතිවරණ කොට්ඨාසය අයත් ගම්පහ දිස්ත්‍රික්කයෙන් මෙවර එක්සත් ජාතික පක්ෂයට එකදු මන්ත්‍රී ධූර ආසානයක්වත් ලබා ගැනීමට ඉඩ නොලැබෙන බව සමගි ජනබලවේග ආරංචි මාර්ග සඳහන් කරයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් පාලන නියෝජිතයන්ගෙන් අති බහුතරය තමන් සමඟ සිටින බවත් ඔවුන් සමඟ පහුගිය දින කිහිපය පුරාවට ඉතා සාර්ථක සාකච්ඡාවට කිහිපයක් පැවැත් වූ බවද එම ආරංචි මාර්ග පේනවා දෙයි.

එළැඹෙන මහා මැතිවරණයේ දී තම පාර්ශවය අවම වශයෙන් මන්ත්‍රී ධූර 07ක් ගම්පහ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කරන බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙරට වැඩිම ඡන්ද දායකයන් පිරිසක් සිටින දිස්ත්‍රික්කය වෙන ගම්පහෙන් පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් 18 දෙනෙකු තේරී පත්වීමට නියමිතය. ගම්පහ දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ටාස 13ක් තිබෙන අතර එළැඹෙන මහා මැතිවරණයේ දී එක් අසුනක් දිනා ගැනීමට අවම වශයෙන් ඡන්ද 70,000ක්වත් අවශ්‍ය බව පෙන්වා දෙන එම ආරංචි මාර්ග එ.ජා.ප යට එම ඡන්ද ප්‍රමාණය ලබා ගැනීමට නොහැකි බවද පෙන්වා දෙයි.

Rate this item
(3 votes)
Last modified on Sunday, 24 May 2020 22:20