April 19, 2024

විදෙස් රටවල සිටින ලාංකිකයින් ගෙන්වන හැටි ඇමති බන්දුල පහදයි

මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් විදේශවල රැදී සිටින ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමේ රජයේ වැඩපිලිවෙල සම්බන්ධයෙන් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා  අදහස් පළ කර සිටියේය.

එහිදී අමාත්‍යවරයා පවසා සිටියේ, මෙරටට ගෙන්වා ගැනීමට පුද්ගලයින් 41000 පමණ විදේශ කටයුතු අමාත්‍යාංශයට දැනුම් දී ඇති බවයි.

සෑම බදාදා දිනකම දිනකම මෙරටට පැමිණිය යුතු අයගේ නාම ලේඛනයන් පිළිබඳ විශ්ලේෂණාත්මක විග්‍රහයක යෙදෙනෙ බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

එහිදී මෙරටට ගෙන්වා ගැනීමට ප්‍රමුඛතාවය ලබා දිය යුත්තේ කාට ද යන්න පිළිබඳ අවධානය යොමු කර ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

එසේ සිදු කිරිමේ දී ප්‍රමුඛතා අනුපිළිවෙලක් මේ වන විටත් ක්‍රියාත්මක වන බවද පැවසු අමාත්‍යවරයා, පළමුව සිසුන්, දෙවනුව එතෙර සිටින රාජ්‍ය සේවකයින් හා තෙවනුව කෙටි කාලීන වීසා ඇති පුද්ගලයින් කෙරෙහි අවධානය යොමු කරන බවද කියා සිටියේය.

මීට අමතරව මානුෂීය හේතුන් මත හා රැකියා අහිමිවීම් මත මෙම ක්‍රියාවලිය සිදු කරන බවත් පැවසු අමාත්‍යවරයා, නිරෝධායන කටයුතු සඳහා එකවර සියලු දේ කළ නොහැකි බැවින් එතෙර සිටින ලාංකිකයින් ඔවුන් සිටින රටේ තත්ත්වය හා ලංකාවේ තත්ත්වය ගැන ඉවසීමෙන් යුතුව සිතා කටයුතු කරන්නැයි ද අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියේය.

විදේශ ගත ශ්‍රී ලාංකීක ශ්‍රමිකයන් ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් ඊයේ (24) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

ශ්‍රි ලාංකිකයින් ලක්ෂ 26 ක පිරිසක් විදෙස් ගතව සිටින බවත්, විදෙස් ශ්‍රමිකයන් ලෙස ඉන් ලක්ෂ 16 ක ප්‍රමාණයක් සිටින බවත් මාධ්‍ය හමුවේදී පැවසීය.

තානාපති කාර්යාල මට්ටමින් දුරකථන මාර්ග ඇති කර ඒ ඒ රටවල සිටින පුද්ගලයින්ගේ තොරතුරු ලබා ගැනීම හා එහිදී හඳුනා ගත් සෞඛ්‍ය පහසුකම්, කෑම බීම නවාතැන් පිළිබඳ ගැටළු සඳහා අවශ්‍ය විසඳුම් ලබා දීම කෙරෙහිත් මෙහිදී අදහස් යොමු කර තිබේ.

Contact Sri Lanka Web අඩවිය තුළින් මෙම පිරිස් සම්බන්ධීකරණය කරමින් අවශ්‍ය උපදෙස් ලබා දෙනු ඇත.

Rate this item
(0 votes)