April 24, 2024

දැන් බාහිර පොකුරු සියල්ල අවසන් - නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය පබා පලිහවඩන

කොරෝනා වෛරසය සමාජයේ පැතිරීමට ඉඩ නොදී පාලනය කරන ලද ලෝකයේ රටවල් අතර ශ්‍රී ලංකාව ඉහළ ම තැනක සිටින්නේ යැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය පවසයි.

මෙම තත්වය ලබා ගත්තේ සෞඛ්‍ය අංශ ආරක්ෂක අංශවල ඉහළ කැපවීම නිසා බවද ඇය සඳහන් කළාය.

මේ වන විට රට තුළ තිබූ බාහිර පොකුරු සියල්ලම සම්පූර්ණයෙන්ම පාලනය වී ඇති බව ද ඇය පැවසුවාය.

දැනට ක්‍රියාත්මකව ඇත්තේ වැලිසර නාවික හමුදා කදවුරේ පොකුර පමණක් බවත් එය ද සැලකිය යුතු මට්ටමින් පාලනය වී ඇති බවත් ඇය පැවසුවාය.

කොරෝනා සදහා ඖෂධයක් සොයා ගන්නා තෙක් එය පැතිරීමේ අවදානම පහව නොයන බව ඇය තවදුරටත් කියා සිටියාය.

Rate this item
(1 Vote)