April 20, 2024

බංග්ලාදේශයේ රැදී සිටි ලාංකිකයින් 276 ක් යළි ශ්‍රී ලංකාවට

බංග්ලාදේශයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 276 දෙනෙකු යළි මෙරටට රැගෙන , ශ්‍රී න්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (24) දින අලුයම ඩකා නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1423 දරන එම විශේෂ ගුවන් යානය බංග්ලාදේශයේ ඩකා නුවර ගුවන් තොටුපළේ සිට අද (24)  දින අලුයම 1.50 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

මෙම ගුවන් යානයෙන් පැමිණි ගුවන් මගීන් සියලු දෙනාම සහ ඔවුන් රැගෙන පැමිණි බඩුබාහිරාදිය ගුවන් තොටුපළ පර්යන්ත ගොඩනැගිලි තුළට ඇතුළු වීමට පෙර විශබීජ හරණය කිරීමට ලක් කෙරුණි .

පසුව මෙම ගුවන් මමගීන්ගේ ශරීර උෂ්ණත්වය මැන බලමින් , ඔවුන් තුළ කොරෝනා රෝග ලක්ෂණ පවතී ද යන්න සොයා බලන්නට ද කටුනායක ගුවන් තොටුපළේ පියවර ගුවන් තිබුණි .

 ඉන් අනතුරුව ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සූදානම් කර තිබූ විශේෂ බස් රථ යොදා ගෙන , මෙම ගුවන් මගීන් පිරිස , නීරෝධායන කටයුතු සදහා එම මධ්යවස්ථාන වෙත රැගෙන යෑම සිදු කෙරුණි .

Rate this item
(0 votes)