March 29, 2024

මැතිවරණයට රට සූදානම් බව ප්‍රසිද්ධියේ කියන්න - ජාසිංහට අභියෝගයක්

මැතිවරණය පැවැත්වීමට රට සුදුසු තත්වයක තිබෙන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් වෛද්‍ය අනිල් ජා සිංහ මහතා වෙත විපක්ෂයේ නියෝජිතයින් අභියෝග කරයි.

මැතිවරණයක් පැවැත්වීමට රට තුළ සුදුසු තත්වයක් තිබෙන බව ලියුම් මඟින් හොරෙන් එක එක්කෙනාට දැනුම් නොදී එය ජනතාවට ප්‍රකාශ කරන ලෙසද ඔවුන් ජාසිංහ මහතාගෙන් ඉල්ලා සිටියි.

අජිත් පී පෙරේරා, පී.හැරිසන් හා මුජුබර් රහුමාන් යන එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජාසිංහ මහතා වෙත මෙම අභියෝගය එල්ල කරයි.

Rate this item
(3 votes)
Last modified on Monday, 25 May 2020 11:01