April 19, 2024

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලත් ඇඳිරි නීතියේ වෙනසක්

ලබන (26) අඟහරුවාදා සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 10.00 සිට අලුයම 4.00 දක්වා පමණක් බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එමෙන්ම ලබන 26 අඟහරුවාදා සිට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනාගමනයට අවසර ලබා දී ඇති බව ද ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ ය.

මේ අතර හෙට(24) සහ අනිද්දා(25) දෙදින දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරේ.

Rate this item
(3 votes)