April 23, 2024

"මේ රටේ සෞඛ්‍ය අංශය නිකන් කාලගුණේ වගේ වෙනස් වෙන්නේ"

මෙරට සෞඛ්‍ය අංශ කාලගුණය වගේ වෙනස් වෙන බවත්  අවශ්‍ය වූ විට කබරයා ද තලගොයා කරගන්නා න්‍යායකින් වැඩ කරන බව හිටපු කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් මහතා දැඩිව චෝදනා කළේය.

ඊයේ (23) පෙරවරුවේ  දඹුල්ල ප්‍රදේශයේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් පී හැරිසන් හිටපු අමාත්‍යවරයා සෞඛ්‍ය බලධාරීන් සහ සෞඛ්‍යය අධ්‍යක්ෂක ජනරාල්වරයා දැඩිව විවේචනයට ලක් කළේය.

පාසල් විවෘත කිරීම සඳහා සෞඛ්‍ය ආරක්ෂාවක් නොමැති බව පවසන සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා මැතිවරණය පැවැත්වීමට හැකි බවට වහසි බස් දොඩන බව ද හෙතෙම මෙම මාධ්‍ය හමුව දී අවධාරණය කළේය.

සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා දේශපාලනය කරණය වෙලා ද එසේත් නැත්නම්වී මන්චන් වී  ඇත්දැයි හෙතෙම ප්‍රශ්න කළේය.

අඩුම තරමේ රටේ විවාහ උත්සවයක් හෝ තබා ගැනීමට නොහැකි බවත් විවාහ මංගල යුවළ පවා මීටරේ දුරකින් හා තබන සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විශාල පිරිසක් ඒකරාශී කරගෙන මැතිවරණය පවත්වන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කරන්නට විය.

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)

 

Rate this item
(0 votes)