March 29, 2024

නොරෝච්චෝල බලාගාරයේ සේවකයින් 9කට කොරෝනා ලක්ෂණ - 600ක් නිවෙස් වෙත යාම නවතා නේවාසිකාගාරයේ රඳවයි

නොරෝච්චෝල ලක් විජය බලාගාරයේ සේවකයින් පිරිසක් හදිසියේ උණ හා අනිකුත් රෝග ලක්ෂණ පෙන්නුම් කිරිමත් සමග අදාල සේවක පිරිස වෛද්‍ය පරික්ෂණ සදහා යොමු කර රාජකාරියට පැමින සිටි 600 කට ආසන්න පිරිසක් නැවත නිවෙස් වෙත යාම නවතා ආරක්ෂීතව නේවාසිකාගාර තුල රදවා ඇති බව වාර්තා වේ.

ලක් විජය බලාගාරයේ ගිණුම් හා මානව සම්පත් ඒකකයේ සේවය කරන 9 දෙනෙකු මෙසේ උණ, උගුර අමාරුව ඇතුළු රෝග ලක්ෂ පෙන්නුම් කර ඇතැයි වාර්තා වේ.

අදාල රෝග ලක්ෂණ පෙන්නුම් කල පුද්ගලයින් 9 දෙනා පුත්තලම මුලික රෝහලේ විශේෂ පි.සි.ආර්.පරික්ෂණ සදහා අදාල ජෛව පටල සාම්පල ලබා ගෙන ඇති බවද ආපසු මොවුන් රැගෙන ගොස් විදුලිබල මණ්ඩල නේවාසිකාගාර තුළ ආරක්ෂීතව රදවා ඇති බවද වාර්තා වෙයි.

රට තුල පැවති කොරෝනා තත්වය හමුවේ පසුගිය මාස තුනකට ආසන්න කාලයක් ලක් විජය සේවකයින් හා නිළධාරින් 30% ක දායකත්වය දක්වා තිබුනි.

නමුත් දැනට දින කිපයක සිට සුපුරුදු ලෙස සේවක පිරිස් පැවති ක්‍රමයටම සේවයට පැමිනිම ආරම්භ කර ඇත.

“මෙම ලක්විජය සේවකයින්ගේ පි.සි.ආර් පරික්ෂණ සදහා ජෛව පටල සාම්පල ලබා ගැනිම පිළිබදව පුත්තලම මුලික රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සුමිත් අත්තනායක මහතා ප්‍රකාශ කර ඇත්තේ “ මෙම පිරිස එතරම් බරපතල රෝග ලක්ෂණ පෙන්නුම් කර නැහැ .නමුත් මොවුන් හා අනිකුත් පිරිසගේ ආරක්ෂාව වෙනුවෙන් අදාල පිසිආර් පරික්ෂණ සදහා සදහා ජෛව පටල සාම්පල ලබා ගෙන පරික්ෂණ සදහා යොමු කර තිබෙනවා. එම වාර්තා අද වන විට ලැබෙන බවයි.“

ලක් විජය බලාගාරය රටේ විදුලි අවශ්‍යතාවයෙන් 60% ආසන්න දායකත්වක් දක්වන ප්‍රධාන විදුලි සැපයුම්කරු වෙයි.

Rate this item
(1 Vote)
Last modified on Saturday, 23 May 2020 11:27