March 29, 2024

පාස්කු දින ප්‍රහාරය ගැන සිදු කරන පරීක්ෂණ දුර්වල කිරීමේ උත්සාහයක් - කාදිනල් හිමිගෙන් චෝදනා

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන පරික්ෂණ දුර්වල කිරිමට ඇතැම් පිරිස් යම් යම් වැඩපිළිවෙලවල් සකස් කරමින් සිටින බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් පවසයි. 

අමරපුර මහා නිකායේමහා නායක පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමියන්ගේ සුවදුක් බැලිමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අගරදගුරුතුමන් මේ බව ප්‍රකාශ කළේය.

තමන්ට ජීවත් වීමේ අයිතියක් තියෙනවා වගේම ඒ මියගිය මිනිසුන්ටත් ජිවත්වීමේ අයිතිය තිබෙන බව බලගතු කේෂ්ත්‍රවල ඉන්න සමහර පුද්ගලයින් වටහා ගත යුතු බවත් එම අයිතිය උදුරා දමා මානව හිමිකම් කියන ලේබලය තුල සැඟවී කටයුතු කිරීම වැරදි ක්‍රියාවත් බවද  අගරදගුරුතුමන් ප්‍රකාශ කළේය.

Rate this item
(0 votes)