April 25, 2024

අපේක්ෂා රෝහලේ රෝගීන් අසීරුවේ - පර්යේෂණ පිටින් කරගන්න උපදෙස් ලැබෙයි

පවතින වසංගත තත්ත්වය හේතුවෙන් වෛද්‍යවරුන් විසින් රෝගීන් ළඟට පැමිණ කළ යුතු පර්යේෂණ නවතා දැමීම හේතුවෙන් මහරගම අපේක්ෂා රෝහලේ රෝගීන් දැඩි අසීරුතාවයකට පත්ව තිබේ.

එම පර්යේෂණ පිටින් එනම් පෞද්ගලික අංශයෙන් කරගෙන යළි රෝහලට පැමිණෙන ලෙස සෞඛ්‍ය කාර්ය මණ්ඩලය රෝගීන්ට උපදෙස් දී තිබේ.

උදාහරණයක් ලෙස Echo පර්යේෂණය රුපියල් 2,800 – 3000ක් අතර මුදලක් ගෙවා පෞද්ගලික අංශයෙන් කරගැනීමට රෝගීන්ට සිදුව තිබේ.

විශේෂයෙන්ම සායනයවලට සහභාගී වෙන රෝගීන් මෙම තත්ත්වයට මුහුණ දී සිටි.

මේ නිසා එක්දිනක් තුළ ප්‍රතිකාර ගත හැකි රෝගීන්ට ඒ සඳහා දින 02ක් පැමිණීමට සිදුව තිබේ. පවතින ප්‍රවාහ දුෂ්කරතා හමුවේ රෝගීන් එය තවත් හිසරදයක් වී තිබේ.

Rate this item
(0 votes)
Last modified on Friday, 22 May 2020 21:04