April 23, 2024

මැතිවරණ කොමිසමට චෝදනා පිට චෝදනා

ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව මේ වන විට දැඩි විවේචනයන්ට ලක් වෙමින් තිබේ.

ඒ ආණ්ඩුව නියෝජනය කරන පාර්ශවයන් විසිනි.

මැතිවරණයක් පැවැත්වීමට කිසිදු බාධාවක් රටේ නොමැති බව පෙන්වා දෙන මෙම පාර්ශවයන් මැතිවරණ කොමිසම විපක්ෂයට අවශ්‍ය විදිහට කටයුතු කරන බවද පෙන්වා දෙයි.

මැතිවරණ කොමිසමේ වගකීම මැතිවරණ පැවැත්වීම වූවත් මේ වන විට මැතිවරණ කොමිසම කටයුතු කරන්නේ මැතිවරණ නොපැවැත්වීමේ අරමුණින් බව ඔවුන් පෙන්වා දෙයි.

හිටපු පාර්ලිමේන්තුවරුන් වන වාසුදේව නානායක්කාර සහ ශෙහාන් සේමසිංහ හා ඊයේ (22) මේ චෝදනාවන් එල්ල කරන ලදී.

Rate this item
(0 votes)
Last modified on Friday, 22 May 2020 21:02