April 19, 2024

"5000 දෙන එක දේශපාලනීකරණය කරන්න එපා කිව්වම ආණ්ඩුව ඒකෙනුත් ජනතාවගේ බඩට ගහනවා"

කොවිඩ් වසංගතය හේතුවෙන් පීඩාවට පත්ව සිටින පවුල් සඳහා රුපියල් 5000 දීමනාව ලබාදීමේ වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක කළයුතු බව සමගි ජන බලවේගය පවසයි.

එම වැඩපිළිවෙල දේශපාලනීකරණය නොකරන්නැයි මැතිවරණ කොමිසම විසින් ලබාදුන් නියෝගය දඩමීමා කර ගනිමින් රුපියල් 5000 ලබාදීම නැවැත්වීමට රජය ගෙනඇති තීරණය සම්බන්ධයෙන් විරෝධය පළකරන බවයි සමගි ජන බලවේගය ඊයේ (22) කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේය.

එහිදී අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා ප්‍රකාශ කළේ ආණ්ඩුවේ නොහැකියාව විපක්ෂය මත පැටවීමට ආණ්ඩු‍වේ නායකයන් උත්සාහ දරමින් සිටින බවයි. රුපියල් 5000 දීමනාව ලබා දීම තවදුරටත් ක්‍රියාත්මක විය යුතු බවත් තවමත් ජනතාවගෙන් බහුතරය‍කගේ ජීවනෝපාය සාමාන්‍ය තත්වයට පත්ව නොමැති බවත් හිටපු මන්ත්‍රීවරයා පවසයි.

විපක්ෂයට ගැටලුවක් වී ඇත්තේ මෙම දීමනාව ලබාදීමේ වැඩපිළිවෙල දේශපාලනීකරණය කිරීම මිස ජනතාවට සහන සැලසීමට නොවන බව ද ඔහු පෙන්වා දෙයි. තුෂාර ඉඳුනිල් මහතා පවසන්නේ මෙම වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට එරෙහිව විපක්ෂය කිසිවිටෙකත් මැතිවරණ කොමිසම වෙත පැමිණිලි සිදුකර නොමැති බවයි.

Rate this item
(0 votes)