May 26, 2020

කොරෝනා ආසාදිතයන් තවත් ඉහළට

නව කොරෝනා වෛරසය ආසාදනය වූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 1045 ක් දක්වා ඉහල ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටියි.
අද දිනයේ පස්වරු 6.00 වන විට කොරෝනා ආසාදිත රෝගීන් 17 දෙනෙක් වාර්තා වී ඇත.
මෙලෙස වාර්තා වූ රෝගීන් අතර 15 දෙනෙකු ඉකුත්දා ඩුබායි සිට මෙරටට පමණි පිරිස් වන අතර අනෙක් දෙදෙනා නාවික හමුදා සාමාජිකයින් වේ. 
ඔවුන් සියලු නිරෝධායන මධ්‍යස්ථානවල සිටි අයවලුන් බව වාර්තා වෙයි.
මේ වන විට සුවය ලැබූ රෝගීන් 604 දෙනෙක් රෝහල් වලින් පිටව ගොස් ඇති අතර රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 432ක් වේ.
Rate this item
(0 votes)