April 19, 2024

"ක්‍රීඩකයෝ දන්නේ මැච් ගහන්න විතරයි - දේශපාලකයෝ තමයි ක්‍රීඩාංගනවලින් ගහන විදිය දන්නේ" - මරික්කාර්

මෙරට ආර්ථිකය සම්පූර්ණ කඩා වැටී ඇති අවස්ථාවක රුපියල් ලක්ෂ 80,000 ක් වැය කරමින් ක්‍රිකට් ක්‍රීඩාංගනයක් ඉදිකිරීමේ අවශ්‍යතාවය කුමක්දැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා ප්‍රශ්න කරයි.

මෙම වසරේදී සංචාරක කර්මාන්තයෙන් ඇමරිකානු ඩොලර් බිලයන 05 ක ආදායමක් බලාපොරොත්තු වුවද පවතින තත්වය හමුවේ ඩොලර් බිලියනයක් හෝ උපයා ගත නොහැකි තත්වයට පත්ව ඇති බවත්, ඇඟලුම් කර්මාන්තය ද සම්පූර්ණයෙන් කඩාවැටී ඇති බවත් මරික්කාර් මහතා පෙන්වා දෙනවා. මේ වනවිට අපනයනය සඳහා සූදානම් කර තිබෙන ඇඟලුම් ගොඩගැසී ඇති බව ද ඔහු පවසයි.

එසේ තිබියදී එම ගැටලු විසඳා ගැනීම පසෙක තබා දැවැන්ත මුදලක් වැයකර හදිසියේ ක්‍රිකට් ක්‍රීඩාංගනයක් ඉදිකිරීමේ අවශ්‍යතාවය කුමක්ද යන්න රජය පැහැදිලි කළයුතු බව ද මරික්කාර් මහතා පවසයි.

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් පවා රටට අවශ්‍ය ප්‍රමාණයට ක්‍රීඩාංගන ඉදිකර ඇති බැවින් තවත් ක්‍රීඩාංගන අවශ්‍ය නොවන බවට ප්‍රකාශ කර තිබියදී එම තත්වය රජය අවබෝධ කරගෙන නොමැති වීම ගැටලුවක් බව පෙන්වා දෙන මරික්කාර් මහතා පවසන්නේ ක්‍රීඩකයන් මැච් ගහන්න දැන සිටියදී ක්‍රීඩාංගනවලින් ගහන්නේ කෙසේද යන්න දන්නේ ආණ්ඩුවේ දේශපාලනඥයන් බවයි.

Rate this item
(2 votes)