April 19, 2024

යුද්ධයට නායකත්වය දුන් යුධ හමුදාපතිවරයාගේ රුව ජාතික නාලිකාවක් බොඳ කරයි Featured

30 වසරක යුද්ධ අවසන් කිරීමෙන් පසුව එකළ යුද්ධ හමුදාපතිවරයා ලෙස සේවක කළ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සහභාගී වූ මාධ්‍ය සාකච්ඡාවක් ස්වාධීන රූපවාහිනී සේවය නැවත විකාශය කිරීමක් සිදු කර තිබුණි.

එහිදී හිටපු යුද්ධ හමුදාපතිවරයාගේ රුව බොඳ කර විකාශ කිරීම පිළිබඳව මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනා විවේචනයන් ඉදිරිපත් කිරීමට පටන් ගෙන තිබේ.

2009 වසරේ යුද්ධය අවසන් කරන සමයේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට නායකත්වය ලබා දී දුන්නේ ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතායි. පසුව යුද්ධය අවසන් කිරීමෙන් අනතුරුව ඔහුව ෆීල්ඩ් මාෂල් ධූරයටද උසස් කෙරුණි.

නමුත් 2010 වසරේ දී ඔහු එවකට මහින්ද රාජපක්ෂ පාලනයට එරෙහිව විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙසද ජනාධිපතිවරණයට ඉදිරිපත් විය. නමුත් ඔහුට 2011 විරුද්ධව එල්ල වූ චෝදනා හේතුවෙන් ජනාධිපතිවරණයෙන් පසුව සිරගත කෙරිණි.

ඔහුගේ ෆීල්ඩ් මාෂල් ධූරයද අහිමි විය. 2012 වසරේ දී ඔහු නිදහස ලැබුනු අතර පසුව ක්‍රියාකාරී දේශපාලනයට එක්විය. 2015 වසරේ දී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා බලයට පත්වීමත් සමඟ නැවතත් සරත් ෆොන්සේකා මහතාව ෆීල්ඩ් මාෂල් ධූරයට උසස් කරන ලදී.

වත්මන් ආණ්ඩුවේ දැඩි විවේචනයන් ද ඔහු විසින් එල්ල කර තිබුණි. 30 වසරක යුද්ධය අවසන් කිරීමට නායකත්වය දුන් අනිකුත් හමුදාපතිවරුන්ගේ වීඩියෝ පට පැහැදිළි වෙද්දී යුද්ධ නිමා කිරීමට විශාල දායකත්වයක් දුන් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාගේ රුව පමණක් බොඳ වීම පිටුපස ඇත්තේ දේශපාලන එදිරිවාදී කමක් ද යන්න සමාජ මාධ්‍ය තුළ සැරිසරන්නන් ප්‍රශ්න කර සිටි.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 19 May 2020 22:37