March 28, 2024

රිෂාඩ්ව අත්අඩංගුවට නොගන්නේ කාගේ ඩීල් එකකටද? Featured

අන්තවාදී හා ත්‍රස්තවාදී කටයුතු වලට සෘජුවම සම්බන්ධ වූ බවටත්, ජාතික සම්පත් තුට්ටු දෙකට මිලදී ගත බවටත් පැහැදිලි ලෙසම චෝදනා එල්ල වන රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයාව අත්අඩංගුවට නොගන්නේ වත්මන් ආණ්ඩුවේ කා සමඟ තිබෙන ඩීල් එකක් නිසා දැයි පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ප්‍රශ්න කරයි.

රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව නැගුණු ඉහත සඳහන් චෝදනා එක්සත් ජාතික පෙරමුණු රජයේ බිඳ වැටීමට තදින්ම බලපෑ බවත් එය ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කිරීමට දැඩි පිටුවහලක් වුණු බවද උන් වහන්සේ පෙන්වා දෙයි. 

රිෂාඩ් බදියුදීන් මහතා කවා පොවා ඇති දැඩි කර ලොකු මහත් කලේ හිටපු අමාත්‍යවරයෙකු වූ බැසිල් රාජපක්ෂ මහතා බව පෙන්වා දෙන රතන හිමියන් පැවති එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව තමන්ගේ පැවැත්ම සඳහා රිෂාඩ් බදියුදීන් මහතාව පෝෂණය කළ බවද රතන හිමියන් සඳහන් කරයි.

උන්වහන්සේ මේ අදහස් පළ කළේ ඒෂියන් මිරර් සමඟ කළ සාකච්ජාවකදීය.

මේ වන විට රිෂාඩ් බදියුදීන් මහතා තමාව අත්අඩංගුවට ගැනීමෙන් වැලකීම සඳහා අපේක්ෂිත ඇප අයැදුම්පතක් ශේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කොට තිබේ.

Rate this item
(0 votes)
Last modified on Saturday, 16 May 2020 21:15