April 19, 2024

රනිල් කියන උරචක්‍රමාලය නම් නැවත අපි බෙල්ලේ එල්ල ගන්නේ නැහැ - ෆොන්සේකා Featured

එක්සත් ජාතික පක්ෂයේ නායකයාගෙන් ඉවත් වූයේ ඒ සඳහා බලපෑ කරුණු ගණනාවක් තිබූ හෙයින් වන අතර නැවත එම උරචක්‍රමාලය බෙල්ලේ එල්ලා ගෙන ජනතා අප්‍රසාදයට පත් වීමට අවශ්‍ය නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අවධාරණය කරයි.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය සමඟ සමඟි ජන බලවේගය කිසිලෙසකින්වත් එකතු නොවන බව ෆොන්සේකා මහතා පවසයි.

විපක්ෂය ලෙස මැතිවරණය කල් දමා ගැනීමට උත්සහ කරන්නේ එක්සත් ජාතික පක්ෂය හා සමඟි ජන බලවේගය නැවත එකතු වීමට යන ප්‍රචාර සම්පූර්ණයෙන් අසත්‍ය බව ඔහු සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂය සමඟ එකතු වී මැතිවරණයෙන් අතු ගෑවී යාමට හෝ ආණ්ඩුවක් කරගෙන යාමට නොහැකි තත්ත්වයට පත්වීමට හෝ එවැනි අසාර්ථක රාජ්‍ය පාලනයක් කිරීමට අවශ්‍ය නොමැති බවද ඔහු කියා සිටියි.

රාජිත සේනාරත්න මහතාගේ අත්අඩංගුවට ගැනීම දේශපාලන පළිගැනීමක් බවද සරත් ෆොන්සේකා මහතා  පවසන අතර එම සිදුවීම රටේ කිසිදු පුද්ගලයෙකුට වැදගත් දෙයක් නොවන අතර, රටේ අනාගතයට හෝ වර්තමානයට ද වැදගත් ප්‍රශ්නයක් නොවන බව ඔහු පෙන්වා දෙයි.

Rate this item
(0 votes)
Last modified on Friday, 15 May 2020 22:40

Related items