April 16, 2024

ශබ්දය ඇසුරින් කොවිඩ්-19 දත්ත කියවීමට ක්‍රමයක්

මේ දිනවල පැතිරී යන කොවිඩ්-19 වෛරයේ පළවෙන පුවත් හා දත්තයන් ගැන වාර්තා පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවේ. දිනකට වාර්තා වෙන ආසාදිතයන් ප්‍රමාණය, සුවය ලැබූ ප්‍රමාණය, රෝහල් ගතව ප්‍රතිකාර ලබන ප්‍රමාණය වැනි දත්ත මේ අතර ප්‍රමුඛතාවය ගනී.

මෙම දත්තයන් ඉදිරිපත් කිරීමේ දී බොහෝ විට ඉලක්කම් හා ප්‍රස්ථාර සහ වගු වැනි ක්‍රම යටතේ ලෝකය පුරාම ඉදිරිපත් කිරීම කරනු ලබයි. නමුත් මෙම දත්ත ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදයට තරමක් වෙනස් ක්‍රියාවලියක් එක් කිරීමට ශ්‍රී ලංකාවේ තරුණ මාධ්‍යවේදියෙකු වන සඳුන් අරෝෂ සමත් වී තිබේ. ඔහු මෙහිදී පියානෝ සංගීතයක් මඟින් කොවිඩ්-19 දත්ත කියවීමට හැකි ක්‍රමයක් හඳුන්වා දී තිබේ.

ඔහු එහිදී මෙම දත්ත ඉදිරිපත් කිරීමට Sonification (සොනිෆිකේෂන්) නම් ක්‍රමවේදය භාවිතා කර තිබේ. මෙම ක්‍රමවේදයේ දී අප ඉලක්කම් සහ ප්‍රස්ථාර තුළින් දකින දත්ත සහ තොරතුරු ශබ්දය විකාශන ක්‍රමවේදයක් ඔස්සේ විස්තර කරනු ලබයි. මෙහිදී සිදුවන්නේ අප විසින් ඇතුළත් කරනු ලබන දත්තවල පරාසය අනුව අප විසින් නිර්මාණය කරනු ලබන Sonification පද්ධතියට ලබා දී ඇති සංගීතය පරාසය වෙනස් වීමයි.

මෙහිදී අපිට දත්ත දැකීමකින් තොරව ඇසීම මඟින් පමණක් දත්ත හා තොරතුරුවල ඉහළ පහළ යෑම හඳුනා ගැනීමට හැකියාව ලැබේ. උදාරණයක් ලෙස දිනකට වාර්තා වන කොරෝනා ආසාදිත ප්‍රමාණයේ දත්ත මෙයට විශ්ලේෂණය කිරීමට ලබා දුන් පසුව සෑම දිනකම දත්ත මෙම Sonification පද්ධතිය මඟින් අධ්‍යයනය කරනු ලබන අතර දිනකට වාර්තා වෙන ආසාදිතයන් ප්‍රමාණය අනුව එහි ශබ්දය ඉහළ පහළ යෑම සිදුවේ.

මෙහි ඇති වැදගත්කම වන්නේ නිතරම දත්ත දිහා බලාගෙන සිටීමට අවශ්‍ය නොවීමයි. දත්ත අධ්‍යයනය කිරීමට නොහැකි අයෙකුට වූවද මෙම ශබ්ද පරාසයට ඇහුකම් දීම තුළින් එහි අවදානම් බව හෝ අවදානම් රහිත බව අධ්‍යයනය කිරීමට හැකියාව ලැබේ. එය ඇඟවීමේ පද්ධතියක් ලෙසද එම නිසා භාවිතයට ගත හැකිය. එමෙන්ම දත්ත දිහා බැලීමකින් තොරව දත්තවල හැසිරීම, ප්‍රගතිය වැනි දේවල් ඇසීම තුළින් අවබෝධ කර ගැනීමටද මෙම පද්ධතිය තුළින් හැකියාවක් ලබා දෙයි.

ලෝකයේ ප්‍රමුඛ පෙළේ බොහෝ පර්යේෂණ ආයතනයන් ද මෙම Sonification පද්ධතිය තමන්ගේ තොරතුරු විශ්ලේෂණයන් සඳහා ද භාවිත කරනු ලබයි.

මාධ්‍යවේදී සඳුන් අරෝෂ විසින් හඳුන්වා දුන් සොනිෆිකේෂන් පද්ධතිය පහතින්,

Rate this item
(0 votes)
Last modified on Sunday, 10 May 2020 14:05