August 04, 2020

අපේක්ෂිත ඇප ඉල්ලු රිෂාඩ් වාලච්චේන කඩදාසි කම්හලටත් වැඩක් දීලා

අත්අඩංගුවට ගැනීම වැළැකීම සඳහා උසාවි නියෝගයක් ඉල්ලා සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදියූදීන් මහතා පසුගිය රජයේ කර්මාන්ත අමාත්‍යවරයා ලෙස සිටි අවධියේ දී අක්කර 350කින් යුත් වාලච්චේන කඩදාසි කර්මාන්තශාලාව වසා දමා සේවකයන්ට වන්දි ලබා දී එම භූමිය නිවස සංකීර්ණයකට පැවරිමට කටයුතු කරන ලද බවට තොරතුරු වාර්තා වේ.

එසේ වසා දමා රුපියල් කෝටි ගණනක් වටිනා යන්ත්‍ර සුත්‍ර යකඩවලට විකිණීමට රිෂාඩ් බදියුදීන් මහතා කැබිනට් අනුමැතියක් ගෙන තිබේ.

1996 වන විට මෙරට කඩදාසි අවශ්‍යතාවයෙන් 50%කට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමට වාලච්චේන කඩදාසි කර්මාන්තශාලාවට හැකි වු අතර ඒ වන විට එහි සේවකයන් 3500ක් සිටි අතර අද සිටින්නේ සේවකයන් 07 පමණයි.

වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාව ප්‍රතිසංස්කරණය කොට එහි නැවතත් කඩදාසි නිෂ්පදානය ඇරඹීමට වත්මන් ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ. ඉන් විදේශවලින් කඩදාසි අනායනයන කිරීමේ දී වාර්ෂිකව යන රුපියල් රුපියල් මිලින 99,000 විදේශ මුදල්වලින් සෑහෙන්න ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමට රජය බලාපොරොත්තුවේ.

Rate this item
(3 votes)
Last modified on Saturday, 02 May 2020 10:44