April 25, 2024

කොරෝනා බෝකළොත්, බොරු ප්‍රචාර සිදුකළොත් දෙන දඩුවම ගැන අජිත් රෝහණ කියයි

කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර සිදුකිරීම වසර 5ක සිර දඬුවම් ලැබිය හැකි වරදක් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අවධාරණය කරයි.

කොවිඩ් 19 රෝගයේ ලක්ෂණ ඇති පුද්ගලයින් සිටියි නම් නිවස තුළ රැදී  සිටින ලෙස නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉල්ලීමක් කරයි. 

රටේ ඇති අපරාද නීතිය අනුව මෙවැනි අවස්ථාවකදී යම් ස්ථානයකට ගොස් මෙම රෝගය බෝකිරීමට කටයුතු කළහොත්  වසර 2ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් ලැබිය හැකි වරදක් බව පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

Rate this item
(0 votes)