March 28, 2024

රෝහලට ඇතුළත් වූ කාන්තාවට කොරෝනා - ආණමඩුව රෝහල් කාර්ය මණ්ඩලය ස්වයං නිරෝධායනයට

ආණමඩුව කිවුල අංක 4 ගම්මානයේ පදිංචිව සිටි 30 හැවිරිදි එක්දරු මවක් රෝගී තත්වය මත හලාවත මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඇයට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

ඒ අනුව එම කාන්තාව මුල්ලේරියාව රෝහලට මාරුකර යැවුණි.

ඇය මේ දිනවල පදිංචිව සිටි කිවුල ගම්මානයේ නිවාස 9ක පිරිසක් සහ ඇය මීට පෙර පදිංචිව සිටි පුත්තලම 9 බවුම ප්‍රදේශයේ තවත් නිවාස 6ක පදිංචි පිරිස්ද නිවෙස් තුලදීම දින 14ක නිරෝධායනයට යොමු කළ බව ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි ඒ.එච්.එම් .පද්මිනි අබේරත්න මහත්මිය පැවසුවාය.

මෙම කාන්තාව මීට දින 3කට පමණ පෙර ආණමඩුව රෝහලෙන්ද ප්‍රතිකාර ලබාගැනීමට පැමිණ තිබූ නිසා එදින රාජකාරී කළ රෝහල් කාර්ය මණ්ඩලයද ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 07 April 2020 03:21