April 20, 2024

කොරෝනා මැඩලීමට දේශීය වෙදකමේ සහය ගැනීමේ සුදානමක්

ආයුර්වේද වෛද්‍යවරුන්, දේශීය වෛද්‍යවරුන්, හෝමියෝපති වෛද්‍යවරුන් ඇතුළු 50 දෙනෙක් ගෙන් යුත් කණ්ඩායමක් ඊයේ දිනයේදී කොවිඩ් - 19 ව්‍යාප්තිය වැළැක්වීමේ මෙහෙයුම් මධ්‍යස්ථානයේ දී පෙරේදා (05) විශේෂ සාකච්ජාවක් පවත්වා තිබේ.

මෙහිදී හෙළ වෙදදුරන් මෙන්ම දේශීය හෙළ දැනුම් පද්ධතියෙන් කොරොනා මඩින ජාතික සටනට සහ‍ය ලබා ගැනීමට නියමිතය.

දේශීය වෛද්‍ය ක්‍රම උපයෝගී කර ගනිමින් කොරෝනා වෛරසය මර්ධනය කිරිම සම්බන්ධයෙන් එහිදී සාකච්ජා කළ බවත් මේ වන විට එම වෛද්‍යවරුන් යම් යම් වෛද්‍ය ක්‍රම අත්හදා බලමින් සිටින බවත් ඒ සියල්ල සම්බන්ධයෙන් කටයුතු කරන බවත් යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසී ය.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවේ ඉදිරියේදී ශී‍්‍ර ලංකාව තුළ කොරෝනා අධි වසංගත තත්ත්වයක් ඇතිවීම වළක්වා ගැනීම සදහා තවදුරටත් දැඩි පියවර ගතයුතු බවයි. 

නිසි ඇගයීමකින් තොරව ශී‍්‍ර ලංකාව තුළ කිසිදු ප‍්‍රදේශයක් අවදානම් රහිත ප‍්‍රදේශ ලෙස නම් කළ නොහැකි බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි.

Rate this item
(1 Vote)