May 25, 2020

කොරෝනා අර්බුදය නිම වූ සැණින් පාර්ලිමේන්තු මහ මැතිවරණය

පවතින කොරෝනා වසංගත අර්බුදය සෑහීමකට පත්විය හැකි අයුරින් මර්දනය කළ විගසම මහමැතිවරණය පැවැත්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වී තිබේ.

ඒ අනුව ජූනි මස අග භාගයේ දී මහ මැතිවරණය පැවැත්වීමට භාරකාර ආණ්ඩුව බලාපොරොත්තු වේ. ඒ හරහා ශක්තිමත් පාර්ලිමේන්තුවක් නිර්මාණය කර ගැනීම ජනාධිපතිවරයාගේ අරමුණ වී තිබේ.

විපක්ෂයේ විවිධ පාර්ශවයන්ගෙන් එන යෝජනා වන විසුරුවන ලද පාර්ලිමේන්තුව වහා කැඳවීම් මෙන්ම ජාතික ආණ්ඩුවක් පිහිටුවීම ආදී කරුණු ජනාධිපතිවරයා විසින් තදින්ම ප්‍රතික්ෂේප කරන බවද වාර්තා වෙයි.

Rate this item
(0 votes)