August 13, 2020

කොරෝනා අස්සේ ඡන්ද ගැසට්ටුවත් ප්‍රශ්නයක් වෙලා

එළඹෙන ජූනි දෙවනදාට පෙර නව පාර්ලිමේන්තුව රැස් නොකරන්නේ නම් මහ මැතිවරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා නිකුත් කරන ලද ගැසට් නිවේදනය අවලංගු වන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

එසේ එම ගැසට් නිවේදනය අවලංගුවහොත් විසුරුවා හැර තිබෙන පාර්ලිමේන්තුව සක්රීය වේ.

ජූනි දෙවන දිනට පාර්ලිමේන්තුව කැඳවීමට නම් අවම වශයෙන් මැයි මස විසි ගණන්වල මහ මැතිවරණය පවත්වා ඡන්දය ගණන් කොට ජයග්‍රාහි අපේක්ෂකයින් තෝරා ගත යුතුය.

එහෙත් පවතින වාතාවරනය තුල එම වකවානුව තුල මැතිවරණයක් පැවැත්වීම අසීරු බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව අප්‍රේල් 26 වන දිනට පෙර ජූනි දෙවන දා පාර්ලිමේන්තුව රැස් කිරීම සම්බන්ධයෙන් වූ මහ මහමැතිවරණය ප්‍රකාශයට පත්කළ පත් කළ ගැසට් නිවේදනය අවලංගු කොට ඒ වෙනුවට නව මැතිවරණ දිනයක් ප්‍රකාශයට පත් කිරීමේ බලය ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් ලැබී තිබේ.

ජනාධිපතිවරයා එම පියවර අනුගමනය කිරීමට සූදානමින් සිටින බව වාර්තා වේ.

Rate this item
(0 votes)
Last modified on Monday, 06 April 2020 20:22

Live