April 20, 2024

කොරෝනා වැළදුන පුද්ගලයින් ඇසුරුකළ 42,000ක පිරිසක් බුද්ධි අංශ හඳුනා ගනී - රුධිර පරීක්ෂණ කඩිනම් කරන්නැයි GMOA අනතුරු අඟවයි

කොවිඩ් 19 වෛරසය ආසාදිතවුවන් හඳුනාගැනීම සඳහා රුධිර සාම්පල ලබාගනිමින් සිදුකරන පරීක්ෂණ කඩිනමින් සිදුකළ යුතුබව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබී ඇති නව පරීක්ෂණ උපකරණවල නිරවද්‍යතාව හා සුදුසුකම සම්බන්ධයෙන් අද දිනයේදී පරීක්ෂණයක් සිදුකිරීමට පියවර ගන්නා බව අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග පිළිබදව විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසයි. 

මෙරට කෝවිඩ් 19 වෛරස අසාදිතවුවන් සහ ඔවුන් ඇසුරුකළ පුද්ගලයින් ආසන්න වශයෙන් 42,000 කට පිරිසක් හමුදා බුද්ධි අංශ මගින් හදුනාගෙන ඇති බව වාර්තාව වේ.

මෙම තත්වය තුළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ කොවිඩ් 19 ආසාදිතයින් හදුනා ගැනීම සදහා පරීක්ෂණ ක්‍රමවේදයන් පුළුල් කළ යුතු බවයි. 

ඒ අනුව රුධිර සාම්පල ලබා ගැනීම හරහා සිදුකරන රැපිඩ් ටෙස්ට් හෙවත් ක්ෂණික පරීක්ෂණය මගින් කඩිනමින් රෝගීන් හඳුනාගත හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා පැවසූවේ  “නිරෝධායනය වූ දෙදෙනෙකු නැවත රෝගීවෙලා. නිරෝධායනය කළ අය පරීක්ෂා කළ යුතුයි. අපේ පරීක්ෂණ ධාරීතාව ඉහළ නංවමින් සිටිනවා. අපි දැනට පරීක්ෂණ කරන්නේ 300 ක්. ජනාධිපති සමග සාකච්ඡාවේදී අනාවරණය වුණා. රෝගීන් 160 සමග සබඳතා පැවැත්වූ . 42,000 ක පිරිසක් හමුදා බුද්ධි අංශ සොයාගෙන.“

මේ පරීක්ෂණ කරන්න දවස් 42 ක් යනවා. අලුත් පරීක්ෂණ ක්‍රම ගැන ජනපති එකඟවුණා. තාක්ෂණික කමිටුව ක්‍රියාමාර්ග අරගෙන නැහැ. ඉතා අඩු පිරිවැයක් යන්නේ. මේ ක්‍රියාවලිය සිදුනොවීම ගැන අපි ප්‍රකාශ කළා 27,000 ක් ඉන්න දවසේ පරීක්ෂණ කරන්න කිව්වේ. දැන් 42,000 ක් වෙලා. ලක්ෂයක් දෙකක් වෙනතුරුද ඉන්නේ. පොසිටිව් වන අය රෝගීන් ලෙස කටයුතු කරන්න. නෙගට්වි අය නැවතත් පරීක්ෂා කරන්න දින 14 න්, 21 න් පසු නිවෙස් වෙත යවන්න. හෙට දිනයේ සිට ක්‍රියාත්මක කරන්න“

“චීනය, කොරියාව වසංගත පාලනයට. PCR පරීක්ෂාව යොදාගෙන තියෙනවා. වෙනත් ප්‍රතිශක්ති තත්ත්වය මැන බලන්න ඇන්ටිබෝඩි පරීක්ෂණ යොදාගෙන තිබෙනවා“ යැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

“එවැනි පරීක්ෂණ අප වෙත ලැබී තිබෙනවා. ඒ සියල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය. IDH ආයතනය සමග එකතුවෙලා. පරීක්ෂණ පවත්වාගෙන යනවා. ඒ ප්‍රතිඵල මත පරීක්ෂණ යොදවාගන්න පුළුවන්“ යැයිද ඔහු සඳහන් කළේය.

Rate this item
(0 votes)