March 29, 2024

සැකකරුවන් නිසා පොලීසියත් අවදානමේ - පොලිස් නිලධාරීන් 8ක් ස්වයං නිරෝධායනයට

කැකිරාව පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධීපතිවරයා ඇතුලු එම අංශයේ පොලිස් නිලධාරීන් 08 දෙනෙකු අද සවස ස්වයං නිරෝධායනයට ලක් කිරීමට කැකිරාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගෙන තිබේ.

අපරාධ චෝදනාවක් සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි සැකකරුවකු ඊයේ (5) සවස කැකිරාව පොලිස් ස්ථානයේ අපරාධ අංශය මගින් කැකිරාව ඉහළගම ප්‍රදේශයේ නවාතැන්පලක සැගව සිටියදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් එම සැකකරු හා ඔහුගේ සහෝදරයා අදාළ නවාතැන්පලේ දින අටක පමණ කාලයක් සැගව සිට ඇති අතර සැකකරු සමග එකම කාමරයේ රැදී සිටි බව කියන ඔහුගේ සහෝදරයා කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් ප්‍රතිකාර සදහා අනුරාධපුර මහ රෝහලට ඇතුළත් කර තිබේ.

මෙලෙස රෝහල් ගතකර ඇත්තේ අනුරාධපුර කුරුන්දන්කුලම ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

ඒ අනුව එම පුද්ගලයා හා සැකකරු සැගව සිටි කැකිරාව ඉහළගම ප්‍රදේශයේ පිහිටි නවාතැන් පලේ හිමිකරු ද,  රෝග ලක්ෂණ පෙන්නුම් කළ පුද්ගලයා සමග එකට නවාතැන් ගෙන සිටි සැකකරැ අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ කැකිරාව පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධීපතිවරයා ඇතුලු නිලධාරීන් අට දෙනෙකුද, අදාළ සැකකරැ ද, පොලිස් ස්ථානයේ වෙනම ගොඩනැගිල්ලක ස්වයං නිරෝධායනයට ලක් කිරීමට කැකිරාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර තිබේ.

Rate this item
(1 Vote)