April 25, 2024

මේ කාලයේ නිවසේ සිටින මව්පියන්ගේ හැසිරීම් දරුවන්ට බලපායි

දරුවන් සහ මව්පියන් වැඩි වශයෙන් එකට එක්ව කාලය ගත කරන මෙම සමයේ මව්පියන්ගේ හැසිරීම ඉතා වැදගත් සාධකයක් බව වෛද්‍යවරුන් පෙන්වා දෙයි.

මෙම කාලසීමාවේ මව්පියන්ගේ හැසිරීම් දරුවන්ට බලපාන බැවින් මව්පියන් මෙම කාලයේදී සන්සුන්ව කටයුතු කළ යුතු බව වෛද්‍යවරුන් සඳහන් කරයි. 

දරුවන්ගේ මානසිකත්වය ඉහළ නැංවීමට ද මව්පියන් කි‍්‍රයාකල යුතු අතර ඔවුන් දරුවන්ට ආදර්ශයක් විය යුතු බව කරාපිටිය ශික්ෂණ රෝහලේ මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රූමි රූබන් මහතා පැවසී ය. 

මෙම කාලසීමාවේදී දරුවන් ද පීඩාවට පත්ව සිටින බැවින් ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය මෙන්ම කි‍්‍රයාකාරකම් පිළිබඳව ද මව්පියන් වැඩි අවධානයක් යොමු කළ යුතු බව හෙතෙම සදහන් කළේය.

නිවසේ සිදුකරන කටයුතු සදහා දරුවන්ද එක් කර ගැනීම සහ දරුවන්ට ද වගකීම් පැවරීම හරහා දරුවන්ගේ පෞර්ෂ්‍ය සංවර්ධනය කිරීමට මෙම කාලවකවානුව අවස්ථාවක් කර ගත යුතු බව වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

Rate this item
(1 Vote)