March 29, 2024

කොරෝනා අවධානම් කලාපයේ සිට පවුලේ අය නිල නිවසට ගෙන්වා ගත් පොලිස් ලොක්කාට වැඩ වරදී Featured

ත්‍රිකුණාමලය පොලිස් ප්‍රවාහන ඒකකයේ ස්ථානාධිපතිවරයා ඇතුලු පවුලේ අය ඔහුගේ නිල නිවස තුළ දින 14ක ස්වයං නිරෝධායනයට යොමු කිරීමට ත්‍රිකුණාමලය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයට අනුයුක්ත මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පියවර ගනු ලැබ තිබේ.

එම ස්ථානාධිපතිවරයාගේ බිරිද ඇතුලු පවුලේ ඥාතින් කොළඹ සිට නොදන්වා ත්‍රිකුණාමලයේ තම නිල නිවසට රැගෙන විත් ඇති අතර ඒ සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව මහජන සෞඛ්‍ය පරික්ෂකවරු මෙම පියවර ගෙන ඇත.

කොළඹ කොරෝනා අධි අවදානම් ප්‍රදේශයක් ලෙස නම් කර නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නිතිය පනවා ඇති අවස්ථාවේ මෙම පවුලේ අය රැගෙන විත් ඇති බව වාර්තා වේ.

ඒ අනුව පොලිස් ප්‍රවාහන ඒකක පරිශ්‍රය තුළ පිහිටි ස්ථානාධිපතිවරයාගේ නිල නිවස තුළම ස්වයං නිරෝධායනයට මෙසේ ලක්කර තිබේ. 

නිරෝධායන කටයුතුවලට පටහැනිව කටයුතු කිරීම සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය පොලිස් ප්‍රවාහන ඒකකයේ ස්ථානාධිපතිවරයා එරෙහිව විමර්ශණයක්ද ආරම්භ කර තිබේ.

Rate this item
(1 Vote)