May 27, 2020

කොරෝනා ආසාදනය වු ශ්‍රී ලාංකිකයෙකු ඕස්ට්‍රේලියාවේ දී මරුට

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ , ශ්‍රී ලංකාවේ උපන් ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය හිමි පුද්ගලයෙකු එරට මෙල්බර්න් නුවරදී මිය ගොස් ඇත.

මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවරුදු 52ක් වු පුද්ගලයෙකි.

මෙම පුද්ගලයා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ද සේවය කර ඇති අතර ඕසේට්‍රේලියාවේ දී සූපවේදියෙකු ලෙස රැකියාවේ නිරත වී ඇත.

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර දී මෙම කොරෝනා ආසාදිතයා මියගොස් ඇති බව වාර්තා වෙයි.

Rate this item
(0 votes)