May 25, 2020

කොරෝනා ආසාදිතයන් ගණන 171 දක්වා ඉහළට

මෙරටින් වාර්තා වන කොවිඩ් නයින්ටීන් ආසාදිතයින්ගේ ගණන 171 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද දිනයේ තවත් කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින්  5 දෙනෙකු වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේය.

අවසන් වරට හදුනාගත් ආසාදිතයින්ගෙන් තිදෙනෙකු හෝමාගම මූලික රෝහලෙන් වාර්තා වී ඇති අතර එක් පුද්ගලයෙකු පුත්තලම නිරෝධායන මධ්‍යස්ථානයක රැදී සිටි අයෙකු බව සදහන්ය.

කොවිඩ්-19 ආසාදිත පුද්ගලයෙකු සමීපව ඇසුරු කළ මාතර ප්‍රදේශයේ පදිංචි අයෙකුට ද වෛරසය ආසාදනය වී ඇති බවයි විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සදහන් කළේය.

කොළඹ දිස්ත්‍රික්කයෙන් දෙදෙනෙකු සහ මීගමුව ප්‍රදේශයෙන් එක් අයෙකු මෙම ආසාදිතයින් අතර වන බවද අනිල් ජාසිංහ මහතා පැවසුවේය.

Rate this item
(0 votes)