April 19, 2024

මෙරට ආර්ථිකය 'ඍණ' වන ලකුණු

2020 වසරේ පළමු කාර්තුව තුළ මෙරට ආර්ථික වර්ධනය ඍණ අගයක් ගනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහතා පවසයි.

කොවිඩ් නයින්ටීන් ව්‍යාප්තියත් සමඟ මතුව ඇති තත්ත්වය පිළිබඳව ඊයේ(04) පැවැති රූපවාහිනී සංවාදයේදී ඔහු මේ අදහස් පළ කළ අතර මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්.ආටිගල මහතාද ඊට එක්ව සිටියේය.

මේ අතර පවත්නා තත්ත්වයේ විශේෂත්වය සලකා එයින් දුෂ්කරතාවලට මුහුණ දී සිටින පහළ ස්ථරවල ව්‍යාපාර හා මහජනයා වෙනුවෙන් මහ බැංකුව නිකුත් කරන නිර්දේශ හැකි ඉක්මණින් ක්‍රියාත්මක කරන ලෙස තමන් ඉල්ලා සිටින බවත්, දිගින් දිගට මේ යුතුකම් පැහැර හරින බැංකුවලට එරෙහිව අදාළ නීති රීති යටතේ කටයුතු කිරීමට මහ බැංකුවට සිදු නොවන පරිදි ක්‍රියා කරන සේ තමා එම බැංකු ආයතනවලින් ඉල්ලා සිටින බවත් මහාචාර්ය ඩබ්. ඩී. ලක්ෂ්මන් මහතා අවධාරණය කළේය.

Rate this item
(1 Vote)