March 29, 2024

හුදෙකලා කර ඇති අටුලුගම ගම්වාසීන් හොර රහසේ බෝට්ටු වලින් පැනයයි Featured

හුදෙකලා කර ඇති අටුලුගම ගම්මානයේ ඇතැම් පිරිස් බොල්ගොඩ ගග හරහා අනෙකුත් ගම්මාන වලට හොර රහසේ යන බවට ලද බුද්ධි තොරතුරු අනුව බොල්ගොඩ ගඟ හරහා විශේෂ බෝට්ටු සේවාවක් අද ආරම්භ කර ආරක්ෂාව තව දුරටත් තර කල බව බණ්ඩාරගම පොලිසිය පවසයි.

කිම්මන්තුඩාව පාලම අසල සිට ගැලනිගම පාලම දක්වා බොල්ගොඩ ගග අතු ඔය හරහා මෙම බෝට්ටු සේවාව පොලිස් නාවික කොට්ථාශයේ නිලධාරීන් සහ බණ්ඩාරගම පොලිසියේ නිලධාරීන් ඒකාබද්ධව මෙය ක්‍රියාත්මක කරනු ලබයි.

Rate this item
(2 votes)