March 28, 2024

සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ රාජකාරිවලට බාධාවක් - නිරෝධායන පනතේ බලතල මෙතෙක් පවරා නෑ

නිරෝධායන පනතේ පවතින බලතල මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට මෙතෙක් පවරා නොතිබීම ඔවුන්ගේ රාජකාරිවලට බාධාවක් වී ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය කියයි.

රඹුක්කන කඩිගමුවේ දී මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකුට අද මුහුණ දෙන්නට වූ සිද්ධිය ද එසේ බලතල නොමැති කමින් සුදුවූ පහරකෑමක් බව එම සංගමය පෙන්වා දෙයි.

කේෂත්‍රයේ නිලධාරින් වන මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට නිරෝධායන පනත යට⁣තේ බොහෝ බලතල පැවරිය හැකි බවත් ඒ පිළිබඳව අමාත්‍යවරියගෙන් මේ වනවිටත් ඉල්ලීමක් කර ඇති බවත් එම සංගමය සඳහන් කරයි. 

කෙසේ වෙතත් කොරෝනා මර්දන සටනේ දී එකී බලතලවල අවශ්‍යතාවය පවතින බැවින් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉක්මනින් යම් පියවරක් ගනු ඇතැයි විශ්වාස කරන බවද ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය වැඩිදුරටත් පැවසී ය.

Rate this item
(0 votes)