April 20, 2024

කොරෝනා ගැන හිතන ජනතාවගේ හිත සුවපත් කරන්න පොලීසියෙන් අපූරු වැඩසටහනක්

කොවිඩ් නයින්ටින් වෛසරය ආසාදනය වී මියගිය තෙවැනි පුද්ගලයා පදිංචිව සිටි මරදාන ගිනි නිවන හමුදා මූලස්ථානය අසල ඉමාමුල් අරූස් මාවතේ පිහිටි මහල් නිවාස සංකීර්ණයට පසුගිය පළමුවනදා රාත්‍රියේ මුද්‍රා තැබුවේය.

එම මහල් නිවාස සංකීර්ණය ඉදිරිපිට පෙරේදා පස්වරුවේ ශ්‍රී ලංකා පොලිසිය විසින් විශේෂ සංගීත වැඩසටහනක් ක්‍රියාත්මක කළේය.

ඒ නිවෙස්වලට සීමාවී සිටින මහල් නිවාස වැසියන්ගේ මානසික තත්ත්වය ඉහළ නැංවීම සඳහායි.

එමෙන්ම මාලිගාවත්ත මහල් නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන් වෙනුවෙන් ද පෙරේදා පස්වරුවේ පොලිසිය විසින් විශේෂ සංගීත වැඩසටහනක් පැවැත්වුවේය.

මේ අතර පොලීසිය විසින් කිරුළපන මහල් නිවාස සංකීර්ණයේද ඊයේ පස්වරුවේ සංගීත වැඩසටහන් පැවැත්වූයේ එහි නිවැසියන්ගේ මානසික සෞඛ්‍ය ඉහළ නැංවීමේ අරමුණින්ය.

Rate this item
(0 votes)