May 27, 2020

කොරෝනා මර්ධන වැඩපිළිවෙල ඉදිරියටම - ලිහිල් කිරීම ගැන තීරණය අප්‍රේල් අගදී

දැනට ආරම්භ කර ඇති කොරෝනා මර්ධන වැඩසටහන වඩාත් විධිමත්ව තත්ත්වය යහපටත් වන තුරු ඉදිරියට ගෙන යාමට තීරණය කර තිබේ.

කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්තිය පාලනය කිරිම පිණිස රජය ක්‍රියාත්මක කළ වැඩසටහනේ ප්‍රගතිය සමාලෝචනය කිරිම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) රැස්වූ රැස්වීමකදී එම තීරණය ගෙන ඇත.

කොරෝනා රෝගීන් වැඩි සංඛ්‍යාවක් හමුවූ දිස්ත්‍රික්ක කිහිපය හැර බහුතරයක් දිස්ත්‍රික්කවල රෝගය ව්‍යාප්ත වීමේ තර්ජනයක් දැනට නොමැති බවත් ළග එන අලුත් අවුරුදු සමය අවසන් වීමත් සමග අවදානමෙන් තොර දිස්ත්‍රික්කවල දැනට ක්‍රියාත්මක සීමාවන් ඉවත් කිරීමේ හැකියාව පවතී.

එබැවින් අලුත් අවුරුදු අවසානය තෙක් කොරෝනා මර්දන වත්මන් වැඩසටහන පවත්වාගනෙ ගොස් අනතුරුව තත්ත්වය විමර්ශනය කොට ඊළඟ පියවර තීරණය කිරීමට සාකච්ජාවේදී ඒකඟත්වය පළ විය. 

ආසාධිතයින්, ආසාධිතයන් බවට සැක කෙරෙන පිරිස සහ ඔවුන් ඇසුරු කළ අය නැවත නැවතත් දැඩි පරීක්ෂණයකට ලක් කළ යුතු බව මෙහිදී තීරණය කර තිබේ. වසංගතය පාලනය කිරිමට සමත් වූ රටවල් අනුගමනය කර ඇත්තේ එවැනි පිළිවෙතක් බව හෙළිවී තිබේ.

ආසාධිතයින් සහ ඔවුන් ඇසුරු කළ අය නිවැරදිව හඳුනා ගැනීමට හැකිවී ඇති බවට මෙහිදී ආරක්ෂක බලධාරින් කරුණු වාර්තා කර ඇත.

රට තුල වෛරසයේ ව්‍යාප්තිය හඳුනාගත් මුල් අවස්ථාවේදීම ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ගත් කඩිනම් ක්‍රියාමාර්ග නිසා මෙම සෞඛ්‍ය ගැටලුව පාලනයෙන් ගිලිහි යාමට නොදී කළමනාකරණය කිරිමට හැකිවුවත් අවධානම තවම පහව ගොස් නොමැති බව එම සාකජාවේදී අදහස් පළවී ඇත.

Rate this item
(0 votes)