March 29, 2024

කොරෝනා නිසා තරුණ ජිවිත වැඩි අවධානමක - අවුරුදු 30-50 ත් අතර වයසේ පුද්ගලයින් මියයාමට හේතුව ප්‍රශ්නයක් Featured

කොවිඩ් -19 හෙවත් කොරෝනා වෛරසයට තරුණ පිරිස් ගොදුරු වීමේ වැඩි අවධානමක් ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

අවුරුදු 30-50 ත් අතර වයසේ පසුවන බොහෝ පිරිස් කිසිදු වෙනත් රෝගයක් නොමැති වුවත් කොරෝනා වෛරසයට ගොදුරුවීමෙන් ජිවිතක්ෂයට වෙමින් සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

වයස්ගත පුද්ගලයින් ගෙන් බහුතරයකට වෙනත් රෝගාබාධ වලින් පෙළෙන බව විශේෂඥයින් සඳහන් කරයි.

කොරියාවෙන් වාර්තා වූ කොරෝනා මරණ වලින් හයෙන් එකක් වයස අවුරුදු 60 ට අඩු පුද්ගලයින් ගේ බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂක වෛද්‍ය මයික් රයන් මහතා ප්‍රකාශ කරයි.

එමෙන්ම පසුගිය සති 05 ක කාලය සැසදීමේදී ඉතාලියේ දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන රෝගීන් ගෙන් සීයයට 10-15 ත් අතර පිරිසක් වයස අවුරුදු 50 ට අඩු පුද්ගලයින් බව වාර්තා වේ.

කොරෝනා වෛරසයෙන් තරුණයින් මිය යන්නේ කුමක් හේතුවෙන්ද යන්න සම්බන්ධයෙන් තවමත් නොදන්නා බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවිඩ් -19 සම්බන්ධයෙන් පත් කොට ඇති තාක්ෂණික ප්‍රධානි වෛද්‍ය මාරියා වැන් කෙර්කොව් කියා සිටියේය.

"බොහෝ අවස්ථාවල දැඩි සත්කාර ඒකකවල සිටින වයස්ගත රෝගීන්ට කුමන හෝ සෞඛ්‍ය ගැටළුවක් පවතිනවා. නමුත් ඇතැම් රටවල වයස අවුරුදු 50 ට අඩු පුද්ගලයින් කිසිදු සෞඛ්‍ය ගැටළුවක් නොමැතිව මියැදෙන බව අපට වාර්තා වී තිබෙනවා" යැයි කොවිඩ් -19 සම්බන්ධයෙන් පත් කොට ඇති තාක්ෂණික ප්‍රධානි වෛද්‍ය මාරියා වැන් කෙර්කොව් වැඩිදුරටත් පැවසී ය.

මේ හේතුවෙන් කොරෝනා වෛරසය හේතුවෙන් තරුණ ප්‍රජාව මියැදෙන්නේ කුමන හේතුවක් නිසාද යන්න සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය වටහා ගත යුතු බව ඇය ප්‍රකාශ කරයි.

Rate this item
(1 Vote)