May 27, 2020

මව හා බිළිඳා කොළඹ යවා වෛද්‍ය කණ්ඩායම නිරෝධනයට

file photo file photo

බේරුවල පන්නිල කොරෝනා ආසාදිත ගැබිනි මව අද (04) අලුයම කළුතර නාගොඩ රෝහලේදී බිහි කළ බිළිඳා සමග කොළඹ නෙවිල් ප්‍රනාන්දු රෝහලට යොමු කර ඇත.

බිළිදාගේ රුධිර සාම්පල පරීක්ෂාවට යොමු කර ඇති අතර එම  සාම්පල පරීක්ෂාවට ජාතික වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමු කර ඇතැයි කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය මහේෂ් කරුණාතිලක මහතා අද(04) දහවල් පැවසීය.

මේ අතර කළුතර නාගොඩ මහ රෝහලේ වෛද්‍යවරයා ඇතුළු කාර්ය මණ්ඩලයේ 6 ක් ස්වයං නිරෝධායනයකට ලක් වීමට කැමැත්ත පළ කර ඉන් හතර දෙනෙකු සිය නිවාසවලට යොමු කර අනෙකුත් දෙදෙනා වෙනත් පුද්ගලික නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කිරීමට කටයුතු සලසා ඇතැයි හෙතෙම සදහන් කළේය .

දරුවා බිහි කළ මව ගැබිනි වාට්ටුවෙන් වෙන් කර වෙනත් විශේෂ ඒකකයකදී ප්‍රසූතිය සිදු කිරීමට රෝහල් කාර්ය මණ්ඩලය කටයුතු කර තිබේ.

සබැඳි පුවත් - බේරුවල රතු කලාපයේ ගැබිණියක් ව්‍යාජ ලිපිනයකින් රෝහල් ගතවී දරුවකු බිහි කරයි

Rate this item
(0 votes)