April 25, 2024

කොරෝනා සඳහා වෙන් කළ හෝමාගම රෝහලේ දී මිය ගිය රෝගියාට කොරෝනා වෛරසය ආසාදනය වී නෑ Featured

කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකුට කොවිඩ් නයින්ටීන් රෝගය ආසාදනය වීමත් සමඟ ඔහු ප්‍රතිකාර ලබමින් සිටි වාට්ටුවේ සිටි සියලු රෝගීන් සැකකටයුතු රෝගීන් ඇතුළත් කරන හෝමාගම රෝහලට ඇතුළත් කළේය.

එලෙස ඇතුළත් කළ රෝගියා පෙරේදා රාත්‍රී මියගොස් තිබුණත් වෛද්‍යවරුන් පවසන්නේ, ඔහුට කොවිඩ් නයින්ටීන් ආසාදනය වී නොතිබූ බවයි. 

නමුත්, ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකුගේ අවසන් කටයුතු සිදුකරන ආකාරයට සිදුකෙරුණි.

ඒ, හෝමාගම නියදගල අදාහනගාරයේදීයි.

Rate this item
(3 votes)