March 29, 2024

තවත් කොරෝනා ආසාදිතයින් 4ක් වාර්තා වෙයි

අද(03) රාත්‍රී 9 වන විට තවත් කොරෝනා වෛරසය ආසාදිතයින් සිව් දෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 

මේ අතර කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙක් අද සවස් කාලයේ දී ද හඳුනා ගනු ලැබීය.

ඒ අනුව මෙරටින් හඳුනා ගත් නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 156 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ අද සවස 5.30 දක්වා ගතවු පැය 24 ක කාලය තුළ කිසිදු කොරෝනා ආසාදිතයෙක් වාර්තා වුයේ නොමැති බව යි.

මේ අතර, ඊයේ(02) රාත්‍රීයේ කොරෝනා ආසාදිත සිව්වන මරණය වාර්තා විය.

මේ වන විට කොරෝනා ආසාදිත පුද්ගලයින් 24 දෙනෙක් සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති අතර, මිය ගිය සංඛ්‍යාව 4 ක් බවට පත්ව තිබේ.

Rate this item
(0 votes)