April 19, 2024

ලබන සතිය වන විට ලංකාවට වෙන දේ ගැන අනාවරණයක් - හඳුනා නොගත් කොරෝනා රෝගීන් රැසක් Featured

ලොවටම අභියෝගයක් වූ කොරෝනා වෛරසය පිළිබඳ සමීපව අධ්‍යයනය කරන ආයතනයක් වන අමෙරිකාවේ ජෝන්ස් හොප්කිංග්ස් විශ්විද්‍යාලය ලංකාවේ කොරෝනා ව්‍යාප්තිය ගැනද කරුණු අනාවරණය කර තිබේ.

එම විශ්වවිද්‍යාලය නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙන්නේ, ලබන සතිය වන විට ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 244 දෙනෙකු පමණ රෝගී ලැයිස්තුවට එක්විය හැකි බවයි. 

කෙසේ වෙතත් දැනට ක්‍රියාත්මක රෝග ව්‍යාප්තිය වැලැක්වීමේ ක්‍රම සහ විදි  යම් සාර්ථකත්වයක් පෙන්නුම් කරන බව වෛරසය පැතිරීම පිළිබඳ විශ්ලේෂණයේ නිරත වෛද්‍යවරුන් පවසයි.

ශ්‍රී ලංකාවේ වෛරසය පැතිරීම පළමු දින 20 තුළ අමෙරිකාව සහ එක්සත් රාජධානිය අභිබවා ගොස් තිබේ. මෙරට පළමු දින 20 ගෙවී යන විට වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 150 කට ආසන්න වෙයි.

එහෙත් මේ වන විට ආසාදිතයින් ලක්ෂ දෙක ඉක්මවා ඇති අමෙරිකා එක්සත් ජනපදයෙන් පළමු දින 20 තුළ වාර්තා වන්නේ, රෝගින් 11 ක් පමණයි.

මෙයට අදහස් දක්වමින් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පවසා සිටියේ, ඒ රටවලට වඩා ලංකාව ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.

නමුත් හඳුනා නොගත් කොරෝනා රෝගීන් මේ වන විටත් සමාජයේ සිටිය හැකි බැවින් මෙම තත්ත්වය මීට වඩා ඉදිරියේ දී වෙනස් විය හැකි බවත් වෛද්‍යවරයා පවසයි.
 
අද වන විට ලොව දෙවැනියට වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තාවු ඉතාලියෙන් 9 වැනි දිනයේදි වාර්තා වු රෝගින් ගණන 157ක්. රෝගින් 3858 දෙනකු ඔවුන්ගේ 20 වැනි දිනය වන විට වාර්තා විය.

මේ අතර එක්සත් රජධානියෙන් පළමු රෝගියා වාර්තා වු දිනයේ සිට 20 වැනි දිනය වන විටත් වාර්තා වි සිටි රෝගින් ගණන 9 කි. 63 වැනි දිනය වන අද දිනයේදි එක්සත් රාජධානියෙන් විසි නව දහස ඉක්මවා රෝගින් වාර්තා විය.

ඕනෑම රටක සෞඛ්‍ය කාර්ය මණ්ඩල හා ධාරිතාවයක් ඇති බවත් එක සීමාවකට ගිය පසුව එය දරා ගත නොහැකි තත්ත්වයකට එළඹිය හැකි බවත් වෛද්‍යවරයා පෙන්වා දුන්නේය.

Rate this item
(1 Vote)