April 25, 2024

කොරෝනා වැඩිම අවදානම කොළඹ දිස්ත්‍රික්කයට - අලුත්ම වාර්තාව Featured

කොරෝනා වයිරසය හේතුවෙන් වැඩිම අවදානමක් ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයට බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

කොළඹ දිස්ත්‍රික්කයේ මේ දක්වා වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 33 ක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

කොළඹ දිස්ත්‍රික්කයට අමතරව වැඩිම වැඩිම අවසානමක් ඇත්තේ පුත්තලම දිස්ත්‍රිකයට වේ. පුත්තලම දිස්ත්‍රික්කයේ මේ දක්වා වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 25 ක් වේ.

කලුතර දිස්ත්‍රික්කයේ 24 දෙනකු, ගම්පහ දිස්ත්‍රික්කයේ 11 දෙනකු මහනුවර, යාපනය, යන දිස්ත්‍රික්ක වලින් සිව්දෙනා 4 බැගින් ද, රත්නපුර දිස්ත්‍රික්කයේ 3 දෙනකු, කුරුණෑගල දිස්ත්‍රික්කයේ දෙදෙනකු, කෑගල්ල, ගාල්ල, මඩකලපුව, මාතර යන දිස්ත්‍රික්කවලින් එක් රෝගියා බැගින් සෙසු දිස්ත්‍රික්ක වල රෝගීන් වාර්ථා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වැඩිදුරටත් සඳහන් කරයි.

Rate this item
(2 votes)