April 19, 2024

රෝහල් කිහිපයකම ඉන්සියුලින් නෑ - හේතුව බෙදාහැරීමේ ප්‍රමාදයක්

ගාල්ල දිස්ත්‍රික්කයේ රජයේ රෝහල් කිහිපයකම දියවැඩියා රෝගීන්ට ලබා දෙන ඉන්සියුලින් ප්‍රතිකාරකය ප්‍රතිකාර කටයුතු සඳහා නොමැති බව ඊයේ (02) පැවැති දකුණු පළාතේ කොරෝනා වයිරස තත්ත්වය මර්ධනය සහ අත්‍යවශ්‍ය සේවා කටයුතු පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවක දී අනාවරණය විය.

විශේෂයෙන් මෙම ප්‍රතිකාරකය ඇල්පිටිය මූලික රෝහලේ නොමැති බව දකුණු පලාත් කෘෂිකර්ම, වාරිමාර්ග, ආහාර බෙදාහැරීම් සැපයුම, සමුපකාර අමාත්‍යාංශ ලේකම් ඒ.යූ වේලාරත්න ඒ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

මේ අවස්ථාවේ දී දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා ප්‍රකාශ කර සිටියේ කොළඹ වෛද්‍ය සැපයුම් අංශයෙන් ඉන්සියුලින් බෙදාහැරීමේ ප්‍රමාදයක් පවතින හෙයින් මෙම තත්ත්වය උදා වී ඇති බවයි.

දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් කොරෝනා ව්‍යාප්තිය අවම කර ගනිමින් හා අත්‍යවශ්‍ය සේවාවන් බිඳ වැටීම වලක්වා ගනිමින් පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙම රැස්වීම පැවැත්විණි.

Rate this item
(0 votes)