April 26, 2024

ඖෂධ නිවසට ලබාදීමේ වැඩපිළිවෙල තුළ ගැටලු රැසක්

වට්සැප් සහ වයිබර්  ඔස්සේ  ඔසු ඇණවුම් කිරිමේ ක්‍රමවේදයේදි  සමහර පාරිභෝගිකයින් ෆාමසී කිපයකට ඇණවුම් යොමු කිරිමෙන් ගැටළුවක් මතුවි ඇතැයි සමස්ත ලංකා ඔසුසැල් හිමියන්ගේ සංගමයේ සභාපති චන්දික ගන්කන්ද මහතා පවසයි. 

එලෙස ඔසුසැල් කිපයකට ඔසු වට්ටෝරු යොමු කර පළමුව නිවෙසට ලැබෙන ඔසු මිලදි ගන්නා පාරිභෝගිකයින් අනෙක් ෆාමසී වලින් පසුව ගෙනෙන ඔසු භාර නොගන්නා බවට රටපුරා  ෆාමසී හිමියන් තමාට දැන්වු බව ද සභාපතිවරයා පැවසිය .                             

එක් ඔසුසැලකට දිනකට බෙහෙත් වට්ටෝරු තුන් සියයක් හාර සියයක් ලැබෙන බැව්න් දුෂ්කරතා මැද වට්ටෝරු සුදානම් කර නිවෙස් වලට යැවිමෙන් පසු බාර නොගැනිම ගැටළු සහගත බව ද ඔහු සඳහන් කලේය.

මේ නිසා එක් ෆාමසීයකට පමණක් දුරකථන සන්නිවේදන ක්‍රම ඔස්සේ ඇණවුම් ලබාදෙන ලෙස ඔහු පාරිභෝගිකයින් ගෙන් ඉල්ලීමක් කළේය.                       

පුද්ගලික ඔසුසැල් 3200 ක් මෙරට තිබෙන බවත් මේ වනවිට ඔසුසැල් 2000ට ආසන්න ප්‍රමාණයක් විවෘත කර සේවා ලබාදෙන බවත් හෙතෙම කියා සිටියේය.                                           

දුරකථන සන්නිවේදන ක්‍රම ඔස්සේ ලැබෙන ඇණවුම් ඉක්මනින් ලබාදිමට සියලුම ෆාමසී උත්සාහ කරන අතර දෙදිනක් තුළ බෙහෙත් පාර්සලය නිවෙස් වලට ලබාදිම සිදුකෙරෙන බවත් බොහෝ විට එක් දිනයක් තුළ එය ඉටුකරන ෆාමසී ද ඇතැයි ඔහු පැවසිය.             

දැනට බටහිර ඔසුවල කිසිදු හිගයක් නොමැති නමුත් සමහර පාරිභෝගිකයින් මාස කිපයකට සරිලන ලෙස ඔසු මිලදි ගෙන ගබඩාකර තබාගැනිම ඵලරහිත ක්‍රියාවක් බවද චන්දික ගන්කන්ද මහතා පෙන්වා දුන්නේය.

එමගින් සිදුවනුයේ ඔසුවල ගුණාත්මක බව අඩුවිම පමණි. ඒනිසා අවශ්‍ය ප්‍රාමාණය පමණක් ලග තබාගන්නා ලෙසද ඔහු වැඩිදුරටත් පැවසී ය.

Rate this item
(0 votes)